අන්තර්ජාල ඉංග්රීසි සෝදුපත් පාඨක හා සංස්කරණ සේවා

book with magnifying glass

get English proofreading and editing button

ඔබට දෝෂ රහිත ඉංග්‍රීසි අවශ්‍ය ද?

ProofreadingServices.com ඔබට දායක විය හැක. ලොව ප්‍රධාන පෙළේ ඉංග්‍රීසි සෝදුපත් පාඨක හා සංස්කරණ සේවාව වන අප, රටවල් 90 කට අධික සංඛ්‍යාවක ශාස්ත්‍රඥයින්, ව්‍යාපාරිකයන්, සහ කතුවරුන් සමඟ වැඩ කරමු. ඔබට ඉංග්‍රීසි අධ්‍යයන සෝදුපත් කියවීම, ව්‍යාපාරික සෝදුපත් කියවීම, සාහිත්‍ය අත්පිටපතක් සඳහා සෝදුපත් කියවීම, හෝ ඉංග්‍රීසි ජීව දත්ත පත්‍රිකා නැවත සැකසීම යනාදිය අවශ්‍ය වුව ද, අපගේ සම්මානලාභී සෝදුපත් පාඨකයින්ට ඔබට අවශ්‍ය ඉංග්‍රීසි නිවැරදි කිරීම් සියල්ල සැපයිය හැකිය.

[අපගේ ඉංග්‍රීසි සෝදුපත් පාඨක ගාස්තු දැකගැනීමට අවශ්‍යද? නොමිලේ මිලගණන් දැනගන්න.]

ඔබේ ලේඛනවල ගුණාත්මකභාවය, ඔබ වෘත්තීමය හෝ අධ්‍යයන පරිසරයක විනිශ්චයට ලක්වන්නේ කෙසේද යන්නට තදින් බලපාන කරුණකි. නිවැරදි ඉංග්‍රීසි භාෂාවෙන් ලිඛිත ලියකියවිලි සකස් කරගැනීමෙන් ඔබේ ක්ෂේත්‍රය තුළ ඔබගේ තත්ත්වය වැඩිදියුණු කරනු ඇත. අපගේ වෘත්තීමය ඉංග්‍රීසි සෝදුපත් පාඨකයන් විසින් ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය, ආකෘතිකරණය, වචන තේරීම, වාක්‍ය ව්‍යුහය සහ තවත් බොහෝ දේ වල දෝෂයන් සොයා ගනී. අපි ඔබ වෙනුවෙන් ඔබේ ඉංග්‍රීසි ලියවිලි නිවැරදි කරදෙන්නෙමු, එතුළින් ඔබේ වැඩය කෙරෙහි ලැබිය යුතු ගෞරවය ලැබෙනු නොඅනුමානයි.

අපගේ ඉංග්‍රීසි සෝදුපත් පාඨක හා සංස්කරණ සේවාවන් ඔබට සරිලන්නේද?

මේ ගැන සිතා බලන්න: ඔබ ඔබේ ඉංග්‍රීසි ලිපිය වෙනුවෙන් පැය ගණනාවක් වැය කර ඇති අතර, ඔබට එය ප්‍රධාන පෙළේ ශාස්ත්‍රීය සඟරාවක් වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍යව තිබේ. ඔබේ අධ්‍යයන සගයින් ඉදිරියේ ඔබ අපහසුතාවයට පත්වීමට අවශ්‍ය නොවන නිසාවෙන්, ඔබට ඔබේ ඉංග්‍රීසි ලියවිල්ල නිවැරදි වීම ඉතා වැදගත් වේ. අවසාන කාලසීමාව වේගයෙන් එළඹේ—ඉතිරිව තිබෙන්නේ පැය 48ක් පමණි. ඔබට උදව් අවශ්‍යයි, එමෙන්ම ඔබට එය ඉතා ඉක්මනින් කරගැනීම අවශ්‍යයි.

මෙවැනි තත්වයක් කොපමණ පීඩාකාරී ද යන්න අපි දන්නෙමු. අපිත් එවැනි තත්ත්වයක සිටියා. අපගේ සේවාවන් හැකි පමණින් පහසු සහ වේගවත් කිරීමට අප වෙහෙසුනේ ඒ නිසාවෙනි. ඔබේ ලියවිල්ල දින කිහිපයක් ඇතුළතදී ඔබ වෙත ආපසු ලැබීමට අවශ්‍යද? කිසිම ප්‍රශ්නයක් නෑ. පැය කිහිපයකින් අවශ්‍යද? අපිට ඒකත් කළ හැකියි.

ඔබේ ලියවිල්ල අප වෙත ඒවා නිදහසේ සිටින්න. අපි ඉතිරිය ගැන බලාගන්නම්.

[සෝදුපත් කියවීම හා සංස්කරණය මෙතැනින් ඇණවුම් කරන්න.]

සැ.යු.: අප විසින් පරිවර්තන සේවා ද සපයන්නෙමු. පරිවර්තන සේවාවන් ඔබට මෙතැනින් ඇණවුම් කළ හැකිය.

අපගේ ඉංග්‍රීසි සෝදුපත් පාඨක කණ්ඩායම කෙතරම් හොඳ ද?

අපගේ දක්ෂ සෝදුපත් පාඨකයන් හා සංස්කාරකවරුන් සියලු දෙනා වෘත්තීමය ලිපි, සංස්කරණ සහ සෝදුපත් කියවීමේ පසුබිමක් සහිත සහජ ඉංග්‍රීසි කථිකයන් වෙති. බොහොමයක් දෙනා ඉහළ ගණයේ ශාස්ත්‍රීය සඟරා වලට ලිපි පළ කිරීමෙහි වසර ගණනාවක අත්දැකීම් සහිත විශ්‍රාම ලත් ඉංග්‍රීසි හා විද්‍යා මහාචාර්යවරුන් වෙති. අප කණ්ඩායමේ සෑම සාමාජිකයෙකු ම සෝදුපත් කියවීම හා සංස්කරණය ආශ්‍රිත දැඩි පරීක්ෂණ මාලාවකින් සමත් වූවන් වෙති. සෑම ඉංග්‍රීසි සෝදුපත් පාඨක අයදුම්කරුවන් 300 දෙනෙකුගෙන් එක් අයෙකුව අපි වැඩට බඳවා ගනිමු—අපි හාවර්ඩ් විශ්ව විද්‍යාලයට වඩා තේරීමට ලක්වීම අතින් ඉහළයි. අපගේ සෝදුපත් පාඨකයින් ඔවුන් කරන දේ සම්බන්ධයෙන් විශිෂ්ටයින් වන අතර, ඔවුන් ඔබේ ඉංග්‍රීසි ලේඛනයන් නිවැරදි කරන අයුරු මනාව දන්නෝ වෙති.

නොමිලේ ඉංග්‍රීසි සෝදුපත් පාඨක සාම්පලයක් අවශ්‍යද?

ඔබ එක්සත් ජනපදයේ පිහිටි අපගේ මූලස්ථානයෙන් කිලෝමීටර් දහස් ගණනක් ඈතින් සිටිය හැකි බව අප වටහාගෙන ඇති අතර, එම නිසා ඔබට ගෙවීම් ඇණවුමක් කිරීමට පෙර අපගේ වැඩ කොටසක සාම්පලයක් බැලීමට අවශ්‍යතාවක් මතුවිය හැකියි. අපේ සෝදුපත් පාඨකයින් විසින් ඔබගේ ලිපිලේඛන වැඩිදියුණු කළ හැකි ආකාරය බැලීමට නොමිලේ සාම්පලයක් ලබා ගන්න:

[නොමිලේ සෝදුපත් පාඨක සාම්පලයක් දැන්ම ලබාගන්න.]

සැ.යු.: අප වෙබ් අඩවියේ අනෙකුත් සියල්ල ඉංග්‍රීසි වලින් වේ. එසේ වුවත්, අපි ඉංග්‍රීසි සෝදුපත් පාඨකයින් වෙමු!

අපගේ ඉංග්‍රීසි සෝදුපත් පාඨකයින් හා සංස්කාරකවරුන් සමඟ වැඩ කිරීමට සූදානම්ද?

[ඉංග්‍රීසි සංස්කරණය සඳහා දැන්ම ඇණවුම් කරන්න.]