සිංහල සිට ඉංග්‍රීසි දක්වා පොත් පරිවර්තන සේවා

Sinhala Book Translation Services

ProofreadingServices.com විසින් ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන පොත් සිංහල සිට ඉංග්‍රීසි භාෂාව දක්වා පරිවර්තනය කරමින්, නව පාඨක සමූහයක් වෙත ළඟා වීමට මෙන්ම තව පොත් රාශියක් අලෙවි කිරීමට කතුවරුන් හට උපකාර කරයි. අපගේ වෘත්තීය පරිවර්තන සේවාවන් 100% ක්ම මානව පදනම් වූ ඒවා වන අතර කිසි විටෙක ස්වයංක්‍රීය නොවේ. එමෙන්ම ඔබේ කර්තෘ අදහස හා ශෛලීය ආරක්ෂා කරමින් නිවැරදි පරිවර්තනයන් ලබා දීමට හැකිවීම ද අපට මහත් ආඩම්බරයකි.

සාහිත්‍ය පරිවර්තන මිල ගණන් සඳහා අප අමතන්න.

ඔබේ පොත සිංහල සිට ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්නේ ඇයි?

ඔබ ඔබේ පොත රචනා කිරීමට මාස හෝ අවුරුදු ගණනක් ගත කරන්නට ඇති, එමනිසා සිංහල භාෂාවෙන් පමණක් පළ කිරීමෙන් එහි බලපෑම සීමා කරන්නේ ඇයි? සිංහල කියවීමට නොහැකි බිලියන සංඛ්‍යාත දෙනා වෙත ළඟා වීමට ඇති හොඳම ක්‍රමය නම් ඔබේ කෘතිය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමයි. වෘත්තීය ඉංග්‍රීසි පරිවර්තනය සමඟින් ඔබ ඔබේ පාඨක සංඛ්‍යාව පමණක් නොව ඔබේ අලෙවි කිරීම් ගණන ද වැඩි කරගනු ඇත.

අප ලබා දෙන පොත් පරිවර්තන සේවාවන් මොනවාද?

අපගේ ඉංග්‍රීසි භාෂා කණ්ඩායම විසින් වෙනම ලබාදෙන සෝදුපත් කියවීමක් ද සහිතව අප විසින් සිංහල සිට එක්සත් ජනපද හෝ එක්සත් රාජධානි ඉංග්‍රීසි භාෂාවට පරිවර්තන සේවා ලබා දෙන්නෙමු. වෙනත් සේවාවන්ගෙන් ඔබගේ පොත පරිවර්තනය කිරීම පමණක් සිදුකරන අතරවාරයේ, අප විසින් පෙළ පාඨයන් පරිවර්තනය කිරීම මෙන්ම එය ඉංග්‍රීසි භාෂා විශේෂඥයෙකු වෙත යවා නොගැළපෙන වාක්‍ය ඛණ්ඩ හරිගැස්සීම සහ දෝෂ හඳුනා ගැනීම යන දෙකම සිදු කරන්නෙමු. ඇත්තෙන්ම කිවතොත්, ProofreadingServices.com සෝදුපත් කියවීමේ හා සංස්කරණ සේවාවක් ලෙස ආරම්භ වූ අතර අපගේ කණ්ඩායමෙහි ලෝකයේ සිටින හොඳම ඉංග්‍රීසි සංස්කාරකවරුන් කිහිප දෙනෙකු ද ඇතුළත් වෙති.

අපි පරිවර්තනය කරන්නේ කුමන ආකාරයේ අත් පිටපත්ද?

අපි ලොව පුරා වෙසෙන කතුවරුන් සඳහා නවකතා, ප්‍රබන්ධ නොවන කෘති, ළමා පොත් සහ තවත් බොහෝ දේ පරිවර්තනය කරමු. අපි ...

  • සාහිත්‍ය පොත්: විද්‍යා ප්‍රබන්ධ නවකතා, අභිරහස් කතා, ආදර නවකතා සහ ඓතිහාසික ප්‍රබන්ධ කතා ආදි දේ
  • අධ්‍යයන පොත්: දර්ශන විද්‍යාව, ඉතිහාසය, විද්‍යාව සහ වෙනත් විෂයයන් පිළිබඳ අත් පිටපත් ආදි දේ
  • ව්‍යාපාරික පොත්: එලදායිතාව පිළිබඳ ඊ-පොත්, සිතීමේ නායකත්ව පොත් සහ තවත් දේ හි විශිෂ්ටයන් වෙමු

තරුණ වැඩිහිටි ප්‍රබන්ධයන්ගේ සිට, මතක සටහන් දක්වා, ඉවුම් පිහුම් පොත් දක්වා, දේශපාලන විද්‍යාව, තාක්‍ෂණය සහ කලාව පිළිබඳ ප්‍රබන්ධ නොවන පොත් දක්වා විහිදුනු විවිධ ප්‍රභේද සහ විෂයයන් ඇතුළත් පොත් නිෂ්පාදනය කරන සේවාදායකයින් දහස් ගණනක් සමඟ අපි වැඩ කර ඇත්තෙමු. කෙටියෙන් කිවහොත්, අපගේ පුළුල් භාෂා විශේෂඥයින්ගේ ජාලය සමඟ එක්හාසු වුනු අපගේ වසර ගණනාවක අත්දැකීම් මගින් පෙන්නුම් කරන්නේ ඕනෑම මාතෘකාවක් යටතේ ඕනෑම භාෂාවකින් රචනා කර ඇති පොත් පරිවර්තනය කිරීම සහ සෝදුපත් කියවීමට අපට ඇති හැකියාවයි.

ඔබේ පොත සඳහා අපගේ සිංහල පරිවර්තන සේවාවන් තෝරා ගන්නේ ඇයි?

ProofreadingServices.com හි දී අපි පොත් පවරා දෙන්නේ සාමාන්‍ය පරිවර්තකයින්ට නොව සාහිත්‍ය පරිවර්තකයින්ට ය. දක්ෂ සාහිත්‍ය පරිවර්තකයෙකු හට ඔබේ ප්‍රභේදයේ සම්මුතීන් නිරීක්ෂණය කිරීමට මෙන්ම ඔබේ අදහස සහ රචනා ශෛලීයේ සූක්ෂ්මතාවයන් එලෙසම ආරක්ෂා කරගනිමින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ඔබ්බට යා හැකිය.

ලොව පුරා සිටින කතුවරුන් හට ඉහළ පෙළේ පරිවර්තකයින් සහ ඉංග්‍රීසි සෝදුපත් කියවන්නන් සමඟ සම්බන්ධ වීම පහසු කරවීම අපගේ ප්‍රධානතම අරමුණයි. ඔබ වෙසෙන්නේ කොළඹ, දෙහිවල-ගල්කිස්ස, මොරටුව, හෝ වෙනත් යම් තැනක වේවා, අප විසින් වෙනම ලබාදෙන සෝදුපත් කියවීමක් ද සහිත සිංහල සිට ඉංග්‍රීසි භාෂා පරිවර්තන සේවාව භාවිතය, ඔබේ පොත මිලදී ගැනීමට මෙන්ම ඔබේ කෘතිය රස විඳීම සඳහා වැඩි පාඨකයින් සමූහයක් එක්හාසු කරගැනීමට ඇති ඉතාමත් සරලම ක්‍රමය යි. අපි උසස් තත්ත්වයේ පරිවර්තන සේවාවන්, විශිෂ්ට පාරිභෝගික සේවාවක්, සහ දැරිය හැකි මිල ගණන් ලබා දීමට ඇප කැපවී සිටින අතර ම, අපගේ සේවා කර්තව්‍යයන් තුළින් ඔබේ තෘප්තිය සහතික කරන්නෙමු.

පරිවර්තන මිල ගණන් සඳහා අප අමතන්න.