වෘත්තීය මාර්ගගත පරිවර්තන සේවා

Sinhala Translation Services

ProofreadingServices.com විසින් සිංහල සිට ඉංග්‍රීසි දක්වාත්, ඉංග්‍රීසි සිට සිංහල දක්වාත්, තවත් බොහෝ භාෂා යුගලවලිනුත් වෘත්තීය පරිවර්තන සේවා සපයයි. අපි ලොව පුරා සිටින ශාස්ත්‍රඥයින්, රැකියා සොයන්නන්, ව්‍යාපාරිකයින් සහ කතුවරුන් සඳහා වූ ඉංග්‍රීසි සෝදුපත් කියවීමේ හා සංස්කරණ සේවාවන් හි විද්වතුන් වන අතරවාරයේ, අපගේ මානව පරිවර්තන සේවාවන් තුලින් උසස් තත්ත්වයේ වැඩ, විශිෂ්ට පාරිභෝගික සේවාවක් සහ දැරිය හැකි මිලකට කැපවීමෙන් වැඩ කරන්නෙමු.

පරිවර්තන මිල ගණන් සඳහා අප අමතන්න.

අප ලබා දෙන පරිවර්තන සේවාවන් මොනවාද?

ඔබ ඉංග්‍රීසි කතා කරන රටක, ඉංග්‍රීසි භාෂා සඟරාවක හෝ වෙනත් යම්කිසි දෙයක ප්‍රකාශනය කිරීමට බලාපොරොත්තු වන්නේද? අපගේ ඉංග්‍රීසි භාෂා කණ්ඩායම විසින් වෙනම සෝදුපත් කියවීමක් ද සහිතව සිංහල සිට ඉංග්‍රීසි භාෂාවට පරිවර්තන සේවා සපයන්නෙමු.

ලොව පුරා සිටින ඉංග්‍රීසි කතා නොකරන බිලියන සංඛ්‍යාත ජනතාවට ඔබේ අන්තර්ගතයන් ලබා දීමට අවශ්‍යද? අපි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල, සුලූ, මලයාලම් සහ තවත් බොහෝ භාෂාවලට පරිවර්තනය කරන්නෙමු.

අපි විශිෂ්ටයන් වෙමු…

  • ශාස්ත්‍රීය පරිවර්තනය. ඔබේ සඟරා ලිපි, පර්යේෂණ පත්‍රිකා, නිබන්ධන සහ උපාධි ප්‍රබන්ධයන් ඉංග්‍රීසි දක්වා හෝ ඉංග්‍රීසි සිට සිංහල දක්වා පරිවර්තනය කර දීමට අපගේ කණ්ඩායමට ඉඩ දෙන්න. එවිට ඔබට වඩාත් විශාල ලෙස ප්‍රකාශනයට පත් කළ හැකි අතර ඔබේ කටයුත්තෙහි බලපෑම ද පුළුල් කරගත හැකිය.
  • ව්‍යාපාර පරිවර්තනය. ඔබේ සමාගමේ වෙබ් අඩවිය, බ්ලොග් සටහන්, අලෙවිකරණ ද්‍රව්‍ය සහ වෙනත් ව්‍යාපාරික අන්තර්ගතයන් පරිවර්තනය කිරීම ඔබේ ව්‍යාපාරය වර්ධනය කිරීමට මෙන්ම වැඩි මුදලක් උපයා ගැනීමට ද සාධක වේ.
  • සාහිත්‍ය පරිවර්තනය. ඔබ විසින් සාදන ලද අත් පිටපතක්, නවකතාවක්, මතක සටහනක් හෝ තිර රචනයක් වේවා ඒ සඳහා ඔබ වෙහෙස මහන්සි වී වැඩ කර ඇත. වෘත්තීය මානව පරිවර්තන සේවාවන් තුලින් ඔබේ පාඨක සමූහය පුදුම සහගත ලෙස ඉහළ නැංවිය හැකි අතර ලොව පුරා ප්‍රේක්ෂකයින්ට ඔබේ කෘතිය රස විඳීමට ද ඉඩ සලස්වයි.

ProofreadingServices.com දී, අපගේ භාෂා විශේෂඥ කණ්ඩායම විසින් කොළඹ, දෙහිවල-ගල්කිස්ස, මොරටුව සහ ලොව පුරා සිටින තෘප්තිමත් ගනුදෙනුකරුවන් හට ලේඛන දහස් ගණනක් පරිවර්තනය කර දී ඇත. අනෙකුත් පරිවර්තන සමාගම් මෙන් නොව, අපගේ සිංහල සිට ඉංග්‍රීසි පරිවර්තන සේවාව සමඟම ඉංග්‍රීසි සෝදුපත් කියවීම ද අපි විසින් සිදුකරනු ලබන්නේ දේශීය කථිකයෙකු විසින්ම ලියන ලද ඒවා මෙන් පෙනෙන අයුරින් පරිවර්තන ලේඛන සකස් කිරීම සඳහා ය.

අපි කවුද?

ProofreadingServices.com හි සිටින පරිවර්තකයන්ට ඔබේ අදහස සහ කතා ශෛලිය එලෙසම පවත්වා ගනිමින් ඔබේ වැඩය නිවැරදිව පරිවර්තනය කිරීමට දැනුම හා පළපුරුද්ද ඇත. අපගේ සිංහල පරිවර්තකයන් තාරකා විද්‍යාවේ සිට ඉතිහාසය දක්වා වූ විෂයයන් රාශියකට විශිෂ්ටයන් වන බැවින් ඔබේ ව්‍යාපෘතිය ඔබේ ක්ෂේත්‍රයට හුරුපුරුදු කණ්ඩායම් සාමාජිකයෙකු හට පවරනු ලැබේ. එබැවින් ඔබට රැකියා සුදුසුකම් සාරාංශයක්, විද්‍යුත් පොතක්, හෝ ඉවුම් පිහුම් පොතක් ඉංග්‍රීසි භාෂාවේ සිට හෝ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ගැනීමට අවශ්‍ය නම්, ඔබේ ව්‍යාපෘතියෙහි උසස්ම තත්ත්වයේ පරිවර්තනයක් සකස් කරගැනීම සඳහා එය අපගේ සිංහල පරිවර්තක කණ්ඩායම වෙත භාර කරන්න.

අපගේ සිංහල පරිවර්තන සේවා තෝරා ගන්නේ ඇයි?

ProofreadingServices.com හි දී, ලොව පුරා සිටින ලේඛකයින් හට ඉහළ පෙළේ පරිවර්තකයන් සහ ඉංග්‍රීසි සෝදුපත් කියවන්නන් සමඟ සම්බන්ධ වීම පහසු කරවන්නෙමු. ව්‍යාපාරයන්, ශාස්ත්‍රඥන්, සහ කතුවරුන් සඳහා වූ දැරිය හැකි මිලකට ඇති, වඩාත් නිවැරදි වූ අපගේ පරිවර්තන සේවා තුලින් භාෂාව හෝ මාතෘකාව නොසලකා නව පාඨකයින් වෙත ළඟා වීමට මෙන්ම ඔබට ජාත්‍යන්තර වෙළඳපොළවල් දක්වා ව්‍යාප්ත වීමට ද උපකාරී වනු ඇත. අපගේ වෘත්තීය පරිවර්තකයන් සාක්ෂාත් කර ගන්නා උසස් මට්ටමේ ප්‍රමිතිය පිළිබඳව අපි ආඩම්බරයට පත්වන අතරම, අපගේ සේවාවන් තුලින් ඔබේ තෘප්තිය අපි සහතික කරන්නෙමු.

පරිවර්තන මිල ගණන් සඳහා අප අමතන්න.